/ Jan 11, 2026

21 ගැන කතා කරන්න නාමල් සුමන්තිරන්වත් හමුවෙයි!

වත්මන් ආණ්ඩුවට එරෙහිව එළඹෙන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ කිහිපයක විසින් සංවිධානය අක්ර්නු ලබන රැළිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා සාකච්ජාවක් සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබුණේ විපක්ෂය නියෝජනය අකරණ පක්ෂයක් ලෙස ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය රැළිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවයි.

එම හමුවේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබෙන අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව සුමන්තිරන් මහතා පෙන්වා දී තිබේ.

පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම මැතිවරණය පැවැත්විය යුතු බව එහිදී ඔහු පවසා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top