මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥයෙකු මගින් එන්තරවාසියක් එවා ඇතැයි වාර්තා වේ. ඒ රුපියල් බිලියනයක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
025 සැප්තැම්බර් 6 වැනි දින හෝ ඊට ආසන්න දිනයක හෝමාගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සුනිල් වටගල විසින් සිදු කළ ප්‍රකාශයකදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන බහාලුම් දෙකක් සහ මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමින් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් පිටුපස සිටින පුද්ගලයෙකු බවට හැඟවෙන ප්‍රකාශ සිදු කර ඇතැයි එහි පවසයි.
මෙම ප්‍රකාශය අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේශ සහගත බව නීතිඥවරයා අවධාරණය කරයි. මෙම ප්‍රකාශය නිසා නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට විශාල හානියක් සිදු වී ඇති බවත්, සමාජයේ ඔහු සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇති බවත් ලිපියේ සඳහන් වේ.
දින තුනක් ඇතුළත මාධ්‍ය හමුවක් පවත්වා තම ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින ලෙස නීතිඥ සංඛ කරුණාරත්න මෙම එන්තරවාසියෙන් දැනුම් දී තිබේ. එසේ කිරීමට අපොහොසත් වුවහොත්, දින 14ක් ඇතුළත රුපියල් බිලියනයේ වන්දිය ගෙවන ලෙස ඉල්ලා සිටී.