/ Jun 29, 2025

ශිරන්ති අත්අඩංගුවට නොගන්නැයි මහින්ද ඉල්ලුවාද? නාමල් පිළිතුරු දෙයි!

Namal's response to the rumors circulating

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් ඔහු මහනායක හිමියන් අමතා කළ ඉල්ලීමක් ගැන වන ප්‍රකාශය සම්බන්දයෙන් එම දෙදෙනාගේ පුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරයා එහිදී පවසන්නේ, රජය තම ධුර කාලයේ පළමු වසර තුළ දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ජනතා අවධානය වෙනතකට යොමු කිරීම පිණි හිටපු ජනපතිවරයා සම්බන්ධ ප්‍රකාශ ගොතන බවයි.

පැතිර යන ආරංචි මන්ත්‍රීවරයා දැඩිව ප්‍රතික්ෂේප කරයි. එපමණක් නොව එම සපුරා අසත්‍ය ප්‍රකාශ ගෞරවණීය ආගමකි නායකයන් දේශපාලන මතභේදවලට ඇද දැමීමේ නින්දාසහගත උත්සාහයක් ලෙසද දක්වා සිටී.

තමන් සහ තම පවුල නිරතුරුව ම දේශපාලන බලපෑම් සහිත පරීක්ෂණවලට නිර්භයව මුහුණ දී තිබෙන බවත්, විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකර රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා සිටින බවද ඔහු එහි දක්වා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top