හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.
නන්දන පළමුව දේශපාලනයට පිවිසුණේ ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සාමාජිකයෙකු වශයෙනි. කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන දේශපාලනයේ නියැළුණු ඔහු 88-89 මර්දනයෙන් පසු නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේ ය. එහිදී ඔහු බරපතල වගකීම් ගණනාවක් දැරූ බව කියති.
1999 වර්ෂයේදී පැවැත්වූ ජනපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් කරනු ලැබුවේද නන්දන ගුණතිලකයි. ඔහු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 344,173 (4.08%) ක් ලබාගත්තේ ය.
2004 පක්ෂ ගණනාවක් එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩ නගද්දී එහි ලේකම් ධුරය දැරුවේද නන්දන ගුණතිලකය.
කෙසේ වෙතත් මතගැටුම් හේතුවෙන් ජවිපෙන් ඉවත්වූ ඔහු විමල් වීරවංශ ජවිපෙන් ඉවත් වූ පසුව ඔහු සමග ජාතික නිදහස් පෙරමුණ ගොඩනැගීමට සම්බන්ධ විය. පසුව කෙටි කලක් අමාත්‍ය ධුරයක්ද දැරූ නන්දන එම පක්ෂයෙන්ද ඉවත් විය. පසුව එක්සත් ජාතික පක්ෂයට එක් විය.
පානදුර නගර සභාවේ නගරාධිපති ලෙස පත් වූ නන්දන ජාතික ජනබලවේගය රජයේ ප්‍රබල විවේචකයෙකු ලෙස ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරනු ලැබීය.
හදිසියේ රෝගී වූ නන්දන ගුණතිලක කෙටි කලක් රෝහල්ගතව සිටි අතර මිය යන විට 63 වියේ පසු විය.




