ජාතික පාරිසරික පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙරට පරිසරය ආරක්ෂා කිරීම,කළමනාකරණය සහ ඊට අනුෂාංගික කරුණු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන සලසා ඇති 1980 අංක 47 දරන ජාතික පාරිසරක පනත මඟින් වර්තමානය වන විට මතුව ඇති නෛතික හා ආයතනික ගැටළු වෙත ප්‍රතිපත්තිමය විසඳුම් සෙවීමේදී පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති ජාතික පාරිසරික (සශෝධිත) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.





