/ Jun 20, 2025

නිහඬ වසංගතයක් ගැන හෙළිදරව්වක්; ගත වූ මාස 6ට 2000කට ආසන්න පිරිසකට දිවි අහිමිවෙලා

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේ දී මියගිය පුද්ගලයින්ට අමතරව 7,152දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

මාර්ග ධාවනයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මාර්ග අනතුරු සිදුවන බව පෙන්වාදෙමින් ඔහු අවධාරණය කළේ වාහනවල සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ජූලි 1 වැනිදා සිට අනිවාර්යෛන්ම ඉවත් කරන බවයි.

මෙම තත්තවය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දික හපුගොඩ මහතා මෙසේ ද පැවසීය.

“2025 ජනවාරි 1 වැනිදා සිට 2025 ජූනි 15 වන දා දක්වා මාරක රිය අනතුරු 1,133කින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මේ මාස 6 තුළ ජීවිතක්ෂයට පත්වෙනවා. මේක ලොකු ව්‍යවසනකාරී තත්ත්වයක්.

පහුගිය වසර 30 යුද්ධයෙන් මියගියේ 28,000ක් පමණ. මේකේ බරපතළ තත්ත්වයේ තියෙන්නේ උදෑසන රැකී රක්ෂා සඳහා, තම තමන්ගේ රාජකාරී සඳහා නිවසින් පිටවන පුද්ගලයින් 7කගේ පමණ හවස වන විට නිවසට රැගෙන යන්නේ මෘත ශරීරයක්.”

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පළ කළ කොළඹ ජාතික රෝහලේ අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ කියා සිටියේ මාර්ග අනතුරු නිහඬ වසංගතයක් බවට පත්ව ඇති බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top