/ Mar 08, 2026

දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රාවේ තිබී බිලියන දෙකකට ආසන්න හෙරොයින් තොගයක් සොයා ගනී!

දික්ඕවිට වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුධින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 103.2 ක් සොයා ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.8කට ආසන්න බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසන්නේ.

එමෙන්ම එහි තුළ තිබී කොකේන් ග්‍රෑම් 900කට ආසන්න ප්‍රමාණයක්ද සොයා ගැනීමට නාවික හමුදාව ඇතුළු විමර්ශන කණ්ඩායම් සමත් වී ඇත.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් හමු වූ බවත්, අදාළ මත්ද්‍රව්‍ය පැකට් තොගයේ කිරුම් කටයුතු සිදු කරමින් පවතින බවත් නාවික හමුදාව ප්‍රකාශ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top