/ Dec 30, 2025

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන රුපියල් 5000ක දීමනාව, ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන රුපියල් 10,000ක දීමනාව හා වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන රුපියල් 10,000ක දීමනාව ඇතුළු ප්‍රතිලාභ ලබාදීමේදී අස්වැසුම ගිණුම් මගින් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ඒ,ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් අඩු ආදායම් ලාභී පවුල් සඳහා ලබාදෙන ප්‍රතිලාභ හා සමාජ සුබසාධන මණ්ඩලය මගින් ලබාදෙන අස්වැසුම ප්‍රතිලාභය ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේදී සැලකිල්ලට ගතයුතු කරුණු පිළිබඳ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල සමාජිකයන් සමඟ මහචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවේදීය.

සුබසාදක ප්‍රතිලාභ ලබාදීමේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා සුබසාදක ප්‍රතිලාභ මණ්ඩලය අවබෝධතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම සම්පත් මන්ත්‍රිනායක මහතා, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කැටවලගෙදර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top