පෞද්ගලික උපකාරක පන්ති ක්ෂේත්‍රය සඳහා විධිමත් නෛතික රාමුවක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. එයට මූලික පියවර ලෙස සකස් කර ඇති යෝජනාවලියක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත ය.
මෙයට හේතුව ලෙස වාර්තා වන්නේ, මෑත කාලයේ පෞද්ගලික උපකාරක පන්ති කෙරෙහි ජනතාවගෙන් නැගුණු විරෝධයයි. ඇතැම් ගුරුවරුන්ගේ අශෝභන හැසිරීම් සහ මෑතකදී ප්‍රවීණ ලේඛක මාර්ටින් වික්‍රමසිංහයන් වැනි සම්භාවනීය පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රසිද්ධ අපහාසාත්මක ප්‍රකාශයන්, සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ග්‍රාහකයන් ගෙන්වා ගැනීමට කරන අශෝභන ප්‍රකාශ ආදිය මෙම තීරණය ඉක්මන් කිරීමට බලපා ඇතැයිද දැනගන්නට ඇත.
ශිෂ්‍ය ප්‍රජාවට සහ සංස්කෘතියට හානි වන අයුරින් කටයුතු කරන ගුරුවරුන් පාලනය කිරීම සඳහා දැඩි කොන්දේසි ඇතුළත් නව රීති පද්ධතියක් ඉදිරියේදී බලාත්මක වනු ඇත.





