ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය අද (08) රාත්‍රී 12.00 දක්වා වලංගු වෙයි.
සබරගමුව සහ දකුණ පළාත්වලත් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් සිටින ජනතාව සැලකිලිමත් වන ලෙස දනුම් දෙන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.






