දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට පිවිසෙන සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණුන් ” Dambulla Bustaurant” නමින් නව බස් රථ සේවාවක්
ආරම්භ කිරීමට නියමිතයි.
එය හෙට (15) දඹුල්ල පැල්වෙහෙරදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
මෙමගින් සංචාරකයින්ට ආපනශාලා පහසුකම් භුක්ති විදිමින් දඹුල්ල,සීගිරිය කලාපය තුළ සංචාරය කිරීමට අවකාශය සලසා දී තිබෙන අතර මෙම බස් රථය පැල්වෙහෙරින් ගමන් ආරම්භ කර දිගම්පතහ, කිඹිස්ස, සීගිරිය, ඉනාමළුව හරහා නැවත පැල්වෙහෙර දක්වා පැමිණෙයි.
ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙම සංකල්පය භාවිත කරන අතර දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට ප්‍රවේශවන සංචාරකයින්ට මෙය අලුත් අත්දැකීමක් එක් කරනු ඇත.
මධ්‍ය පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම මත මෙය “Dambulla Bustaurant” ක්‍රියාත්මක වේ.





