/ Dec 29, 2025

ව්‍යසනයේ දත්ත රැස්කිරීමට අලුත් වැඩක්!

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

ඒ අනුව එම දත්ත සහ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සෙසු ආයතන සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට කටයුතු කරන බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ.

එම දත්ත සහ තොරතුරු අදාළ ස්ථානවලට ගොස් වඩාත් නිවැරදිව ලබාගැනීමට කටයුතු කරන අතර එය කඩිනම් කර ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වාර්තාකරණයටද සැලසුම් කර ඇති බවත් ඒ සඳහා වන තොරතුරු පද්ධතිය MIT ආයතනය නොමිලයේම සකස් කර දී ඇති බවත්, ඊට අවශ්‍ය සහාය Microsoft ආයතනයෙන් ලබා දී ඇති බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

එසේම, Rebuilding Sri Lanka වැඩසටහන වෙනුවෙන් රටවල් ගණනාවකින් මූල්‍යමය වශයෙන් සහ භාණ්ඩ වශයෙන් ආධාර රැසක් ලබා දී ඇති අතර තවදුරටත් ආධාර ලැබෙමින් පවතින බව ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ .

මේ වන විට එම අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1,893ක් ලැබී තිබේ.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, මාලදිවයින, ඇමරිකා එක්සත් ජනපදය, නේපාලය, ස්විට්සර්ලන්තය, කැනඩාව, අයර්ලන්තය, කොරියාව ආදී රටවල් මෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව මෙසේ මූල්‍ය ආධාර ලබාදීමට එකඟතාව පළ කර ඇති බව සඳහන්.

ව්‍යසනය සිදු වූ අවස්ථාවේ පටන් ඉන්දියාව, පාකිස්ථානය වැනි රාජ්‍යයන් භාණ්ඩමය ආධාර ලබා දුන් අතර මාලදිවයින, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ කටාර් ආදී රටවල් රැසක් භාණ්ඩමය ආධාර ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top