මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල් නැවත පත්වීම ඊයේ (07) සිදු විය.
සමස්ත ඡන්දවලින් 195ක් ලබා ගැනීමට ඔහු සමත් වූ අතර ඊළඟට ඡන්ද ලබාගත් දමින්ද බණ්ඩාර උඩුරාවණට ලැබුණේ ඡන්ද 50ක් පමණි.
දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර වසර 10ක් දක්වා ධුර කාලයක් හිමි එකකි. මෙලෙස නිලංග දෑල එම තනතුරට පත් වන්නේ තෙවැනි වතාවට වන අතර ඒ අනුව ඔහු එම ධුරයේ වසර 30ක් කටයුතු කරන්නේ වෙයි.
පසුගිය කාලයේ විවිධ අවස්ථාවල නිලංග දෑල බස්නායක නිලමේවරයාට විරුද්ධව විවිධ චෝදනා එල්ල විය. දළදා මාළිගාවේ දේපළ අයථා පරිහරණය කරන බවට ඔහුට විරුද්ධව සිවිල් බුද්ධි පෙරමුණ විසින් නඩුවක් පවරනු ලැබීය.





