/ Dec 29, 2025

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමඟි ජන බලවේගය බලපොරොත්තු වන බව හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පවසයි.

ඖෂධ ප්‍රශ්නයේදී හිටපු මැති කෙහෙළිය රඹුක්වැල්ල වැරදි නම් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාද වැරදි බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අවසානයේ සමඟි ජන බලවේගයට සහ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට වන්දි ගෙවීමටද සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිවැරදි නැත්නම් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ ද ක්‍රියාකලාපය නිවැරදි විය නොහැකි බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

ඒ අනුව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ සෙසු කණ්ඩායම්වල සහය ලබා ගැනීමටද නියමිත බව ඔහු ප්‍රකාශ කරයි.

1 thought on “ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top