/ Jan 10, 2026

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකි බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(4) බෙයිජිං නගරයේදී පැවති චීන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයේදීය. පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ishaq Dar මහතා ද ඊට එක්ව සිටියේය.

වෙනිසියුලාවේ තත්ත්වය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති බව ද Wang Yi මහතා එහිදී සඳහන් කළ අතර ජාත්‍යන්තර සබඳතාවලදී බලය භාවිත කරන බවට තර්ජනය කිරීමට චීනය නිරන්තරයෙන් විරුද්ධ වන අතර, එක් රටක කැමැත්ත පරිදි තවත් රටක් අනතුරට ලක් කිරීමට චීනය දැඩිව විරුද්ධ වන බව ඔහු කියා සිටින ලදී.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු ආරක්ෂා කරමින් අනෙකුත් රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරන හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමට චීන-පාකිස්ථාන දෙපාර්ශ්වය එහිදී එකඟ වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top