“ගොවිතැනේ කූඩිත්තෝ සහ අම්බරුවෝ” නමින් සම්මන්ත්‍රණයක් ගොවි ජාතික සමුළුව විසින් අගුණකොළපැලැස්ස, උස්වැව පිහිටි ගැමිදිරිය ශාලාවේදී අද (12) පැවැත්වීමට නියමිතව තිබුණි. එය ආරම්භ කිරීමට පෙර එතැනට කඩා වැදුණු ජවිපෙ හම්බන්තොට ක්‍රියාකාරීන් පිරිසක් බලහත්කාරය යොදවා එය කඩාකප්පල් කරනු ලැබීය.
සම්මන්ත්‍රණයේදී ඒකාධිකාරී කිහිපයක් සහ ජාවාරම්කාර මාෆියාවක් විසින් ගොවියා සහ පාරිභෝගිකයා සූරාකෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් බලාපෙරාත්තු වූ බව සංවිධායකයන් පසුව කියා සිටියෝ ය.
කෙසේ වෙතත්, එහි පැමිණි ජවිපෙ ක්‍රියාකාරීන් දැඩි ෆැසිස්ට් අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මින් මතු හම්බන්තොට කිසිම අවස්ථාවක එවැනි සම්මන්‍ත්‍රණය සංවිධාන කිරීමට තමන් ඉඩ නොදෙන බවයි. ගොවියන්ට උපරිම සහන තම රජය ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.
මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් පහතින්,