/ Mar 15, 2025

මත්ද්‍රව්‍ය ගත් බවට තහවුරු නම් පොලිස් රස්සාව නෑ: නියෝගයක්

weligama police oic

ශ්‍රී ලංකා පොලීසියේ වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධරයන්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අනාවරණය කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ස්ථානාධිපතිවරුන් වෙත මෙම නියෝගය පිළිබඳව දැනුම් දී ඇති බවයි.

කිසියම් නිලධරයෙක් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වන්නේ නම් එම නිලධාරියා වෙත නැවත සේවය පිහිටුවීම හෝ නැවත සක්‍රීය සේවයට එක්වීමට අවස්ථාව ලබා නොදෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top