සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින් අද (30) අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් පැවැත්විය.
දේශපාලන පක්ෂ,සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පාර්ශවයන්හි සහභාගීත්වයෙන් එය සංවිධානය කර ඇති අතර පෙරවරුවේ ආරම්භ කළ මෙම විරෝධය පස්වරු 04.00 දක්වා පවත්වනු ලැබීය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙන්ම ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව සංශෝධිත පනතද වහා හකුළා ගන්නා ලෙසයි එහිදී බලකෙරුණේ.
එම නීති සියල්ල මර්දන නීති ලෙස විරෝධතාකරුවෝ පෙන්වා දෙති.









