දරුවන්ගේ සහ ගර්භනී මව්වරුන් වෙනුවෙන් පෝෂණ තත්වය ඉහළ නැංවීම පිණිස නොමිලේ බෙදා හරින ත්‍රිපෝෂ මාස තුනකට අධික කාලයක් තිස්සේ ලැබී නොමැති බව රට පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාල ආරංචිමාර්ග පවසයි.
මෙම තත්වය විසින් ගර්භනී මවුන්ට සහ ඉපදීමට සිටින දරුවන්ට මෙන්ම පෝෂණ ඌණතා සහිත දරුවන්ට මහත් බලපෑමක් සිදු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු තොග ප්‍රමාණවත් පරිදි නොලැබීම ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇණ හිටීමට හේතු වී ඇති බවයි දැනගන්නට ඇත්තේ. කෙසේ වෙතත්, මේ වෙනුවෙන් ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2200කට අධික ප්‍රමාණයක් සති කිහිපයක් තිස්සේ වරායේ සිරවී ඇති බවද දැනගන්නට ඇත.
ත්‍රිපෝෂ සමාගමේ සභාපති ලෙස නව රජය මගින් පත් කර තිබෙන අමල් අත්තනායක සතිඅන්ත පුවත්පතකට අදහස් ප්‍රකාශ කර තිබෙන අතර, එහි කියා ඇත්තේ කැබිනට් අනුමැතිය නොලැබීම නිසා මෙසේ බඩඉරිඟු තොග වරායේ සිරවී ඇති බවයි. එසේ වීමෙන් ඒවා විනාශ වනු ඇති බවද ඔහු කියා තිබේ.





