අද (03) දින සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව වයඹ පළාත් ජනතාවට කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් තොරව, එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවනු ඇත.
පළාත් කාර්යාලයේ ලිපිනය,
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය,
03 වන මහල,
නව වෙළඳ සංකීර්ණය,
කුරුණෑගල
දුරකතන අංකය : 037 2224337
ෆැක්ස් අංකය : 037 2224337





