මෙම මාසය සඳහා වන ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මෙතෙක් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි.
මාසිකව සිදු කරන මෙරට ගෑස් මිල සංශෝධනය සෑම මසකම 04 වෙනිදා ප්‍රකාශයට පත් කරන බැවින් මෙම මස මුල් සතියේදීම මිල සංශෝධනයට අදාළ නිර්දේශ, අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශයට යොමු කළ බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.
කෙසේ වෙතත් ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් පෙබරවාරි මාසයට අදාළව සිදු නොකරන බව එම සමාගම කියා සිටියි.