2024(2025) අ.පො.ස.(සා.පෙළ) විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන මැයි 21 දින සිට මැයි 31 දින තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහතා සඳහන් කළේ, අපේක්ෂකයන් 171,100ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,228 කදී සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවය.
41 – සංගීතය (අපරදිග) විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2025.05.25 දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව සඳහන්.
40 – සංගීතය (පෙරදිග)
42 – සංගීතය (කර්ණාටක)
45 – නැටුම් (හරත)
51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ)
41 – සංගීතය (අපරදිග)
44 – නැටුම් (දේශීය)
50 – නාට්‍ය හා රංග කලාව (සිංහල) 52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි)
ඉහත සඳහන් විෂයන්හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කර ගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය වන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබාදීම සිදුනොකර බව සඳහන්.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා ඇති බව සඳහන් වේ.
ඒ අනුව, පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත යුතු බව දැනුම් දී තිබේ.
ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයදුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂයය ආදි තොරතුරු ද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පහත සඳහන් දුරකථන ඔස්සේ දැන්විය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයදුම්කරුවන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් දන්වා ඇත.
තවද, විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේශ පත්‍ර 2025.05.19 වන දින සිට බාගත කරගත හැකිය.
යම්කිසි අවශ්‍යතාවයක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු දැනගත හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.
දුරකථන අංක – 011-2784537, 2786616, 2784208, 011-2786200, 2784201
ක්ෂණික දුරකථන අංකය – 1911
ෆැක්ස් අංකය – 011-2784422