සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායිහී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන්ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමට කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙක් තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් දෙදෙනා කෙහෙල්බද්දර පද්මා නැමැත්තාගේ ඡායාරූපය වටිස්ඇප් මගින් ලබාගෙන එය සංස්කරණය කර, විදේශ ගමන් බලපත්‍ර සැකසීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවටයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.