/ Jun 15, 2025

අස්වැසුම මුදල් ලක්ෂ ගාණකට විද්දාට සැකපිට නිලධාරිනිය රිමාන්ඩ්!

අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දීමට නියමිතව තිබු අස්වැසුම දීමනා රුපියල් තිස්හත්ලක්ෂ අසූඑක් දහසක් වංචනික ලෙස වෙනත් ගිණුම්වලට බැර කර මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක් ජුනි 16 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන අංශයේ සේවය කර වැඩ තහනමට ලක් වූ මෙම නිලධාරිනිය ඇඹිලිපිටිය පොලිසියේ ස්ථාපිත විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණ.

වයස්ගත සහ වෙනත් අස්වැසුම මුදල් හිමිකරුවන්ගේ ගිණුම්වලට බැර විය යුතු මුදල් වෙනත් ගිනුම්වලට බැර කර මෙම වංචාව සිදු කර ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top