/ Jun 02, 2025

තෙල් මිල සංශෝධනය අද – අඩු වෙයි ද?

ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනය අද (31) රාත්‍රියට නියමිතව ඇත. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකට පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ. WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.79ක් සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 62.78 ක් ලෙස දැක්වෙයි.

සියලු ම ඉන්ධන වර්ගවල මිල රජය විසින් පනවා තිබෙන බදු හේතුවෙන් වඩා ඉහළ අගයක් ගෙන ඇති අතර, වත්මන් ආණ්ඩුව විපක්ෂය නියෝජනය කරද්දී එම බදු අඩු කරන බවට පොරොන්දු වුවද තවමත් එම පොරොන්දුව ඉටු වී නැත.

අද රාත්‍රියේ ඉන්ධන මිල සැලකිය යුතු අන්දමින් වෙනසක් සිදු වේ දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top