ගල්කිස්ස අරලිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට එල්ල කරන ලද තියුණු ආයුද ප්‍රහාරයකින් අනතුරුව එක් අයෙකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අගුලාන පෙදෙසේ පදිංචි 28 වියැති තරුණයෙකි. පෞද්ගලික ආරවුලක් නිසා සිදුවූ ගැටුමෙන් අනතුරුව මේ බරපතළ තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කර තිබේ. එහිදී එක් අයෙකු මිය ගිය බව සඳහන්.