වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරින් තුවාල ලබා සිටි එක් බස් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (24) උදෑසන මෙම අනතුර සිදුව තිබුණි.
අතර ඉන් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් රියදුරෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එක් බස් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලීසිය මඟින් සිදුකරයි.





