බොරලැස්ගමුව, දිවුලපිටිය සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී කිඹුල් ප්‍රහාරයකින් හානි වූ බවට සැකසහිත මළසිරුරක් හමු වී තිබේ.
පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා මොරටුව, කටුබැද්ද පදිංචි 55 වියැති කුමාර් ප්‍රනාන්දු නම් අයෙකු බවයි.
මෘතදේහය හමුවන විට සිරුරේ දකුණු පස භාගයක් පමණ නොතිබූ බවයි පැවසෙන්නේ. පසුගිය 21 දින මාළු ඇල්ලීම පිණිස මෙම පුද්ගලයා නිවසින් නික්ම ගොස් ඇත. පොලිසිය සැක කරන්නේ මාළු ඇල්ලීමට යාමේදී කිඹුල් ප්‍රහාරයට ගොදුරුවන්නට ඇති බවයි.





