/ Feb 21, 2026

දෙවුන්දර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට!

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ ‘ඩිලයිට්’ නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු බව සඳහන්.

මෙම වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරයි.

වෙඩික්කරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top