/ Oct 19, 2025

රාජ්‍ය ආයතන කීපයක online සේවාව අක්‍රිය වෙයි

Lanka Government Cloud – LGC සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (ERL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ – පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි මෙලෙස බලපෑමට ලක්ව ඇති බව වාර්තා වෙයි.

සහතික පිටපත්, අදාළ මුල් සහතික පත් නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු පද්ධති වල සහය නොමැතිව (Manually) ලබා ගැනීමේ හැකියාව පවතින බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්, මෙම ක්ලවුඩ් සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරිිම උත්සාහ ගනිමින් සිටින බව සඳහන් වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top