/ Mar 14, 2025

විපක්ෂ නායකගෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අද (18) මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින් හමුවීමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙම ඉල්ලීම කර ඇත.

“විශේෂයෙන්ම අවධාරණය කළේ මේ අයවැය ක්‍රියාදාමය තුළ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 66ක් සහ පක්ෂ රාශියක් ඇති බවත් ඒ කාලවකවානුව තුළදී ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරය ඉටුකරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපි බැඳිලා ඉන්නවා. මාර්තු 21 වනදාට අයවැය අවසාන ඡන්දය පාර්ලිමේන්තුවේ. ඒක අවසන් වුණ වාහාම මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඔන්න ඔය ඉල්ලීම ඉදිරිපත් කරන්නයි අපි කොමිසමට පැමිණියේ.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top