එළඹෙන නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගී නොවීමට සර්ව ජන බලය පක්ෂය තීරණය කර තිබේ.
අවම කොන්දේසි යටතේ එක ලකුණකින් එක්විය හැකි සාකච්ජාවක් ගැන අවධානය යොමු කරනවා විනා රෑට එක තැනක දවල්ට තවත් තැනක සිට කටයුතු කර එම රැවටීමට ලක්විය නොහැකි බවයි ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසන්නේ.
“අපට අවශ්‍යයි මේ හැමෝගෙන්ම අහන්න, මොකක්ද අපි ඉදිරිපත් කරන විසඳුම, වැඩපිළිවෙළ, ඒ පිටුපස තිබෙන ක්‍රියාමාර්ග, ඉන් කොහොමද තාර්කිකව ජනතාවගේ ජන ජීවිතය වෙනස්වී දරිද්‍රතාවය නැතිවී දියුණු රටක් බවට පත් වෙන්නේ කියලා. මේ සංවාදයක් නැතුව අපි නැවත වරක් මේ මහ පොළොවේ පස් කාගෙන කෑ ගැහුවාට වැඩක් නෑ. සද්භාවයෙන් කටයුතු කරනවා නම් අපි එක ලකුණකින් තරග කරනවා. හැබැයි ඒකාබද්ධව නෙවෙයි. වෙන වෙනම දේශපාලනය කරන අතරේ ප්රජාතන්ත්රවාදය රැකගන්න ඕනෙ. ඒ ගැන විශ්වාසයක් තිබෙන කවුරුහරි ඉන්නවා නම් යෝජනා කළ යුත්තේ අවම කොන්දේසි මත එක ලකුණකින් තරග කිරීමට වැඩපිළිවෙළක්. එහෙම නැතුව රෑට එතැන ඉඳලා දවල්ට මෙතැන ඉඳලා ආයෙමත් රෑට එතැන්ට ගිහින් කතා කර ඒ ගුලි කන්න අපට බෑ.”
ඒ අනුව සාකච්ජාවකින් තොරව මතුපිටින් සරළව ගොඩනගන විපක්ෂයේ ඒකාබද්ධ කිරීමක් සාර්ථක නොවන බව ඔහු සඳහන් කරයි.
මේ වන විට එම විපක්ෂයේ රැළියට සමගි ජන බලවේගය ද සහභාගී නොවන බවට ප්‍රකාශ කර තිබේ.




