හිටපු අමාත්‍යවරයෙක් වූ චමල් රාජපක්ෂගේ බාල පුත්‍රයා වන ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිටෝග අකර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම නියෝගය නිකුත් කර ඇති අතර ඒ,මිග් ගුවන් යානා ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස ඔහුව නම් කිරීමෙන් අනතුරුවය.
සැකකාර සමින්ද්‍ර රාජපක්ෂ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බව වාර්තා වෙයි.
මේ අතර චමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන හිටපු අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(2) කැඳවා තිබුණි.
චමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් මධ්‍ය වෙත කිසිවක් ප්‍රකාශ කර නැති අතර ප්‍රසන්න රණතුංග පවසා තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග සබදතා පැවැත්වූයේද යන්න පිළිබඳ විමසූ බවයි.





