/ Jul 27, 2025

කටුනායක ව්‍යාපාරිකයා ඝාතනයට තැත් කළ අනෙක් වෙඩික්කරුත් කොටු වෙයි ; කලින් කළ ඝාතනයක් ගැනත් වමාරලා

කටුනායක, ආඬි අම්බලම ප්‍රදේශයේ දී ව්‍යාපාරකයෙකු වෙඩිතබා ඝාතනයට තැත් කළ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක දී අදාළ සැකකරු රාජාංගණය ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 22 වැනිදා කටුනායක, ආඬි අම්බලම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරකයෙකුගේ නිවස තුළට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් අදාළ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට තැත්කර තිබූ අතර, එහි දී ගිනි අවිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් එම ඝාතන තැත ව්‍යර්ථ වී තිබුණි.

ව්‍යාපාරිකයා ඝාතනයට පැමිණි එක් වෙඩික්කරුවෙක් නිවසේ තාප්පයෙන් පැනීමට යාමේ දී පාදයේ අස්ථි බිදීමට ලක්ව තාප්පය අසළ වැටී සිටිය දී පොලිස් අත්අඩංගුවට පත්විය.

පලාගිය අනෙක් වෙඩික්කරුයි ඊයේ මෙලෙස රාජාංගණය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ පසුගිය 08 වැනිදා කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී ව්‍යාපාරික ස්ථානයක් තුළ පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද මොහු වන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top