හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාව 98 ස්ථානය හිමිකර ගෙන තිබේ. එය මේ වසරේ මුලදී සිටි 91 වැනි ස්ථානයේ සිට ස්ථාන කිහිපයක පහළට වැටීමකි.
වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැක්කේ රටවල් 41කට පමණකි.
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය. ඉන්දියාව මෙම දර්ශකයේ 85 වැනි ස්ථානයේ සිටින්නේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශ ලබා ගත හැකි වීමෙනි. බංග්ලාදේශය, පකිස්තානය ආදී රටවල් සිටින්නේ ශ්‍රී ලංකාවට පසුපසිනි.