/ Feb 12, 2026

පද්මේගෙ නවීන අවිය ව්‍යාපාරිකයෙකු ළඟ

අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේට අයත්ව තිබු නවීන පන්නයේ චෙක් ජනරජයේ නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනි අවියට අමතරව, එයට යොදන ජීව උණ්ඩ 13ක්ද මැගසිනයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා 39 වියැති මිනුවන්ගොඩ පීල්ලවත්ත පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විමර්ශන මෙහෙයවනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top