පාකිස්ථානයේ එක්දින තරඟ සංචාරයක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම එරට ක්‍රිකට් සභාපතිවරයාද වන මොහ්සින් නක්වි පවසයි.
ඒ,තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග එරට පාර්ලිමේන්තුවට අද (13) දැනුම්දෙමිනි.
ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එලෙස ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඒ,තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග එරට පාර්ලිමේන්තුවට අද (13) දැනුම්දෙමිනි.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පසුගිය අඟහරුවාදා (11) පැවති පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයකට පෙර එරට අගනුවර වන ඉස්ලාමාබාද්හි අධිකරණයක් ඉදිරිපිට දී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවූ අතර ඉන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 27කට තුවාල සිදුව තිබුණි. මෙම ප්‍රහාරය වසර ගණනාවකට පසු ඉස්ලාමාබාද්හිදී සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි.
පාකිස්ථානය මුහුණ දුන් එම අවාසනාවන්ත සිදුවීමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නැවත මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වර්ටහ වුවද තරඟාවලිය සාර්ථකව අවසන් වන තෙක් සියලු ක්‍රීඩකයින් පාකිස්තානයේ රැඳී සිටීමට තීරණය කර තිබුණි.





