පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙන අතර අද (27) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ඒ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මඒ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සම්බන්ධයෙන් ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවත් ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම කමිටුව නියෝජනය කළ බවයි.
ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු 19 වැනි දින මෙම විමර්ශන කමිටුව පත් කළ බවත් ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන පැවැත්වීම සඳහා ඒක පුද්ගල කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම කමිටුව මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් පත්වීම ලබා ගැනීම සහ එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම මගින් මෙන්ම තමාට හිමි නැති වැටුප් හිමිකමක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයතා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභයක් සිදු කිරීම යන චෝදනා මත ඒ මහතාගේ වැඩ තහනම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට කමිටුව නිර්දේශ කළ බවත් අමාත්‍යවරයා පවසන ලදී.
“ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කළා. එතන විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඉන්නවා. ඔහුත් ඉන්න කමිටුවක තමයි මේ නියෝජ්‍ය මහලේකම්වරයා ගැන විමර්ශනය කරන්න ඒක පුද්ගල විමර්ශන කමිටුවක් සඳහා තීරණයක් ගත්තේ. ඒ අනුව 2025 අගෝස්තු මාසේ 19 වැනිදා මේ විමර්ශන කමිටුව පත් කළා. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉන්නවා මේකට තෝරාගන්න පුළුවන් විමර්ශන නිලධාරීන් ඒ අයගෙන් කෙනෙක් තමයි තෝරගෙන ඉන්නේ. 2026 ජනවාරි 23 වැනිදා ඒ මූලික විමර්ශන කමිටුවේ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ කමිටුවට ලැබුණා.
ඒක පුද්ගල විමර්ශන කමිටුව පත් කිරීමේදී ඒ කමිටුවට භාර දීලා තියෙනවා විෂය පථයක් ඒ විෂය පථයේ පවතින්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුර සඳහා තෝරා ගැනීම, ඔහුගේ සුදුසුකම් සහ ඔහු එම තනතුරේ ස්ථිර කිරීම යන කරුණු පිළිබඳව සොයා බැලීම තමයි විෂය පථය. ඒ විමර්ශන කමිටුවේ නිර්දේශ දෙකක් ඉදිරිපත් කරනවා.
ඒ අනුව සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් පත්වීම ලබා ගැනීම සහ එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම මගින් මෙන්ම තමාට හිමි නැති වැටුප් හිමිකමක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයතා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ජී.කේ.ඒ.සී.කේ කුලරත්න මහතා වැඩ තහනම් කර ඔහු සම්බන්ධයෙන් විනය කටයුතු සිදු කිරීම, කුලරත්න මහතා පත් කිරීම හා සේවය ස්ථීර කිරීම සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දූෂණය නැමැති වරද යටතට ගැනෙන බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස දන්වමින් මෙම කරුණු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කෙරෙනවා. මෙන්න මේ කරුණු දෙක තමයි ඒක පුද්ගල විමර්ශන කමිටුවේ නිර්දේශ මගින් තහවුරු කරලා තියෙන්නේ. ඒ අනුව පළවෙනි නිර්දේශය අනුව වැඩ තහනමකට ලක් කරලා තිබුණා. වැඩ තහනමට ලක් කරලා විනය පරීක්ෂණයක් ආරම්භ කරලා තිබුණා. ඊට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා. මේ විමර්ශන කමිටුව පත් කිරීමේදී විමර්ශන කමිටුවේ වාර්තා අනුව වැඩ තහනමට ලක් කිරීමේදීත් විපක්ෂයත් නියෝජනය කළා. මේ විමර්ශන වාර්තාවට එරෙහිව ඕනෑම කෙනෙකුට අධිකරණයේ පිහිට පතන්නට පුළුවන්.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.





