/ Mar 12, 2025

දේවගැති ජෙරොම්ට රට යන්න නිදහස

JEROM FERNANDO - FREE TO IMMIGRATION

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත් කර තිබේ.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අදාළ දේවගැතිවරයා දින දෙකක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2023 දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

ජනතාව ඉදිරියේ බුදුදහම , ඉස්ලාම් සහ හින්දු ආගම් පිළිබඳව අවමන් සහගත ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කිරීම හේතුවෙන් 2023 මැයි මාසයේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top