/ Nov 13, 2025

පතිනායක කැපේ.පොලීසියේ දෙවෙනි පුටුව සංජීව ධර්මරත්නට!

පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනි පුටුව ලෙස හැඳින්වෙන පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සංජීව ධර්මරත්නට හිමිවී ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම ධුරයෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමත් සමගම සංජීව ධර්මරත්න ට මෙම ධුරය හිමිවී ඇති අතර මෙම මාරුවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ ද අනුමැතිය හිමිවී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එය ලබාදීමට නියමිතයි.

මේ අතර බස්නාහිර පළාත භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සංජීව මැදවත්ත පත් කිරීමට ද අනියමිතයි.

උතුරු පළාත භාරව බුද්ධික සිරිවර්ධන ද උතුරු මැද පළාත භාරව තිස්ස ධනපාල ද මාරු කර යැවීමට නියමිත අතර මෙම මාරුවීම් සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවී ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top