බංග්දේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පැතුම් නිස්සංක පන්දු 242කට මුහුණදෙමින් මෙම කඩඉම පසුකර ගියේය.
ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී ලකුණු 150 සීමාව පසුකර තිබීම සුවිශේෂී ය.
අද (26) තරගයේ තුන්වැනි දිනය වන අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 297 ක් ලබා ගෙන ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා ලකුණු 50ක් ඉදිරියෙන් සිටී.