/ Mar 15, 2025

රහස් පොලිසියට මත් ටොපි දී හරක් කටාට පනින්න උදව් කළ පීසී දැලේ!

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ඉන් පළායාමට පසුගිය 2023 වසරේ දී උත්සාහ ගෙන තිබූ අතර ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ රවිදු සන්දීප‍ නැමැත්තා සහාය ලබා දී තිබු බවයි සඳහන් වූයේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් රහස් පොලිස් නිලධාරීන්ට මත් විස සහිත කිරි ටොපි කෑමට ලබා දී හරක් කටාට පැන යාමට උදව් කර ඇති අතර පසුව අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අතුරුදන් වීම හේතුවෙන් ඔහු සොයා විමර්ශන දියත් කරනු ලැබීය.

එම විමර්ශනවලට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top