මෙම වසරේ ජූනි මාසය දක්වා කාලය තුළ රැකියා සඳහා විදේශගතවීමේ ප්‍රමාණය පසුගිය වසරට වඩා 5%ක ප්‍රමාණයකින් අඩුවී ඇතැයි වාර්තා වේ.
ජුනි මස වන විට 143037ක පිරිසක් විදේශගත වී තිබේ. වසරේ පළමු මාසයේ රැකියා සඳහා විදේශගත වූ පිරිසේ වැඩිවීමක් පෙන්නුම් කළත් දෙවැනි මස සිට එම ගණන පසුගිය වසරට වඩා සාපේක්ෂව අඩුවී ඇතැයි දත්ත වාර්තා පෙන්නුම් කරයි.





