/ Jun 21, 2025

පිල්ලෙයාන් අත්අඩංගුවට: වැළලුණු අපරාධ ගොඩ එන ලකුණු!

සිවිල් යුද සමයේ සන්නද්ධ කණ්ඩායම් නායකයෙකුව සිටි හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයේ (08) දින අත්අඩංගුවට පත් විය. ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙනගොස් අතුරුදහන් කිරීම සම්බන්ධවයි.

කලක් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නායකයෙකු ලෙස කටයුතු කළ පිල්ලෙයාන් පසුව ඉන් බිඳී ගියේය. අනතුරුව පැරා මිලිටරි කණ්ඩායම් නඩත්තු කරමින් එම සංවිධානයට එදිරිව රාජ්‍ය හමුදාවන්ට සහය පළ කළේ ය.

එහිදී විවිධ ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ කණ්ඩායමට චෝදනා එල්ල වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය ඉන් ප්‍රධාන චෝදනාවකි. කෙසේ වෙතත් ගෝඨාභය පාලන සමයේදී නීතිපති දෙපාර්තමේන්තුව එම නඩුව ඉදිරියට ගෙන නොයාමට තීරණය කිරීම නිසා මහාධිකරණය ඔහු නිදහස් කරනු ලැබීය. උක්ත නඩුවට රක්ෂිත බන්ධනාගාරගතව සිටියදීම 2020 මහමැතිවරණයට ඉදිරිපත් වූ පිල්ලෙයාන් ගෝඨාභය රජයේ අමාත්‍ය ධුරයකින්ද පිදුම් ලැබීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද ඔහුගේ මැදිහත්වීමක් ඇතැයි ඔහුගේ ම හිටපු ලේකම්වරයෙකු බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව වෙත කළ ප්‍රකාශය ආන්දෝලනයක් ඇති කළේ ය.

කෙසේ වෙතත් අදාළ මහාචාර්යවරයා පැහැර ගන්නා ලද්දේ කොළඹදී වන අතර යටපත් කර දමා ඇති අපරාධ සම්බන්ධ පරීක්ෂණ නව රජය යටතේ නැවත ආරම්භ කිරීමට ගත් තීරණය අනුව මෙම පරීක්ෂණය යළි ආරම්භ වී ඇත. ඒ අනුව පිල්ලෙයාන් මෙලෙස අත්අඩංගුවට පත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top