/ Jun 09, 2025

පිල්ලෙයාන්ගේ හිටපු රියැදුරෙක් අල්ලයි!

Pillayan's former driver arrested!

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා ඇති හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියැදුරෙකු ලෙස කටයුතු කළ අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිල්ලෙයාන්ගේ රියැදුරෙකු බව කියන පුද්ගලයෙකු මීට පෙර 2011 වසරේ අප්‍රේල් මාසයේ දී ද අත්අඩංගුවට ගෙන තිබුණි.

එවර ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, මඩකලපුව ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරියෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

නමුත් එවකට පිල්ලෙයාන්ට තිබුණු දේශපාලන බලය භාවිතා කරමින් අත්අඩංගුවට ගත් සැකකරු එම අවස්ථාවේ නිදහස් කර ගැනීමට ඔහුට හැකි වී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top