රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවලට ඊයේ (04) රාත්‍රියේ හදිසියේම හමුදාව සහ පොලිසිය යෙදවීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් මෙලෙස යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්වී සියලුම මාර්ගවල ගමන්ගන්නා රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම සිදුකළ බව සඳහන්.
ඉකුත් 03 වැනිදා රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි වාර්තා වූ අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබුණි.
එම තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල හදිසි පරීක්ෂා ඇතුළු සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.