අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වීමට නියමිත අතර විභාගයෙන් පසු සිසුන් අතර ඇති විය හැකි කලහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලිසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව දැක්වෙයි.
විභාගය අවසානයේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ළමුන් කළහකාරී සිදුවීම්වලට නැඹුරු වීමේ ප්‍රවණතාවක් පසුගිය වසරවල දී පොලීසියට නිරීක්ෂණය වීම මත උක්ත තීරණය ගෙන ඇත.
එම නිසා අද දිනයේ දී විභාගය අවසන් වීමෙන් පසු එවැනි තත්ත්වයන් ඇති වීම වැලැක්වීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක පියවර ගැනීමට සැලසුම් කර ඇති අතර දෙමාපියන් ද තම දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙවැනි තත්ත්වයන් වැලැක්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.





