/ Jun 08, 2025

හමුදා නිලධාරියාට තග දැමූ සිද්ධිය ගැන පොලිස් ලොක්කන්ගේ ඇස් ඇරෙයි

සිරි දළදා වන්දනාවේ රාජකාරි අතරතුර පොලිස් නිලධාරියෙකු විසින් හමුදා නිලධාරියෙකුට බැන තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍යවල සංසරණය වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නියෝග කර තිබේ.

ඒ, අනුව මෙම සිද්ධිය පිළිබඳව මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වේ.

විමර්ශන වලදී අනාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top