/ Oct 19, 2025

පොලිසිය ජනගහණයෙන් හතරෙන් එකක් පරීක්ෂා කරලා – සොයාගත් දේ හෙළි වෙයි!

පසුගිය ජනවාරි 12 වැනිදා සිට මේ දක්වා විශේෂ පොලිස් මෙහෙයුම්වලදී පුද්ගලයන් 5101516 දෙනෙක් (ලක්ෂ 51කට වැඩි පිරිසක්) පොලිස් පරීක්ෂාවට ලක් කර ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

එම පරීක්ෂා කිරීම්වලින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 104,602කි. මෙයින් 4630ක් අපරාධවලට ඍජුව සම්බන්ධ අයවළුන් බවට හඳුනාගෙන ඇත.

පරීක්ෂාවලදී, හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1,422 ක්, හෂිෂ් කිලෝග්‍රෑම් 471 ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක්, ගංජා කිලෝග්‍රෑම් 13,773 ක්, මත්ද්‍රව්‍ය පෙති මිලියන 3.5ක් ද 

T-56 අවි 61ක් පිස්තෝල 62ක් සහ රිවෝල්වර් 40ක් වෙනත් ගිනිඅවි 1,721ක් ආදී ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

2025 ජනවාරි පළමු වනදා සිට මේ දක්වා වෙඩිතැබීමේ සිද්ධිවලට අදාළව වෙඩික්කරුවන් 38 දෙනෙකු, පැදිකරුවන් 27 දෙනෙකු, ආධාර අනුබල ලබාදීමේ සිද්ධිවලට අදාළව පුද්ගලයින් 263 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හඳුනාගත් බීමත් රියදුරන් ගණණ 46,909කි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මෙම තොරතුරු හෙළි කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top