ත්‍රිකුණාමලය කොටුව පාරේ විහාරයක බුදු පිළිමයක් තැන්පත් කිරීමේදී හටගත් නොසන්සුන්කාරී සිදුවීම ගැන පොලිසියට ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ බලංගොඩ කස්සප නමැති හිමිනමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
ඒ අනුව ලබන දෙසැම්බර් 10 වැනිදාට ඔහුට අධිකරණය හමුවට පැමිණෙන ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇත.
පසුගිය 16 වැනි දින ඇති වූ සිද්ධියෙන් පසු ප්‍රකාශයක් ලබා ගැනීමට රෝහල්ගතව සිටි මෙම හිමි වෙත ගියද එය ප්‍රතික්ෂේප කළ බව පොලිසිය පවසයි. මෙය දඬුවම් ලැබිය හැකි වදරක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය.





